බිංදුවටම පාඩු ලබන රාජ්‍ය ආයතන දෙකක වැටුප් වැඩිවෙයි


(දයාසීලි ලියනගේ)  

බරපතළ ලෙස පාඩු ලබන රජයේ ආයතන දෙකක සියලු නිලධාරීන් හා සේවකයන්ගේ වැටුප සියයට 25 කින් වැඩිකර ඇති බව වාර්තා වේ.  


පසුගිය ජනවාරි මාසයේ සිටම ක්‍රියාත්මක වන පරිදි මෙම වැටුප් වැඩිවීම සිදුකර ඇති බව සඳහන් වේ. වැටුප් වැඩි කිරීම නිසා අදාළ ආයතනයක ඇතැම් ඉහළ නිලධාරීන්ගේ වැටුප හා දීමනාව ලක්ෂ 10 ක සීමාව ඉක්මවා ඇති බව සඳහන් වේ.  

පාඩු ලබන රාජ්‍ය ආයතනවල සේවක වැටුප් වැඩි නොකරන ලෙසට මුදල් අමාත්‍යංශය හා විගණන අංශ රජයට දැනුම් දී තිබියදීත් මෙම වැටුප් වැඩිවීම කර ඇති බව වාර්තා වේ.  
මේ සම්බන්ධයෙන් කළ විමසීමේ දී අදාළ ආයතන දෙකේම ප්‍රධානීන් සඳහන් කළේ මෙම වැටුප් වැඩි කිරීම කර ඇත්තේ මීට පෙර ඇති කරගන්නා ලද ගිවිසුම්වලට හා එකඟතාවන්ට අනුව බවයි.