බදු නොගෙවීම අපරාධ වරදක් වෙන නීති එයි


උපුල් වික්‍රමසිංහ

බදු ගෙවීම පැහැර හැරීම මුදල් විශුද්ධිකරණය යටතට ගැනෙන වරදක් බවට පත් කිරීම සඳහා 2006 අංක 05 දරන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත ඉදිරියේදී සංශෝධනය කිරීමට නියමිතය.

ඊට අදාළ සංශෝධනය මේ වෙන විටත් නීති කෙටුම්පත් සම්පාදක වෙත යොමු කර ඇති බවත්, ඒ යටතේ බදු ගෙවීම පැහැර හරින්නන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය සපයන තොරතුරු මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන ආරම්භ කරනු ලබන බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකයේ අතිරේක අධ්‍යක්ෂ ආචාර්ය අයේෂ් ආරියසිංහ මහතා පැවසීය.


එසේ සිදු කරන විමර්ශන මගින් මුදල් විශුද්ධිකරණය යටතට ගැනෙන වරදක් කර ඇතැයි තහවුරු වුවහොත් නීතිපතිවරයා නඩු පැවරීම් සිදු කරන බව ද ඒ මහතා සඳහන් කළේය.