පුංචි ඡන්දයට සජබ පිරිසිදුකම සොයයි


දයාසීලි ලියනගේ

ඉදිරි පළාත් පාලන මැතිවරණයට ප්‍රදේශයේ ජනප්‍රිය හා දූෂණ චෝදනා ​නොමැති පුද්ගලයන් තෝරාගන්නා ලෙස සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සියලු ආසන සංවිධායකවරුන්ට ගිය සතියේදී දැනුම් දී ඇත.

නාම යෝජනා කැඳවීමට පෙර සුදුසු පුද්ගලයන් පිළිබඳව මූලික හඳුනා ගැනීම් කරන ලෙස ආසන සංවිධායකවරුන්ට දන්වා ඇතැයි පක්ෂයේ උපසභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා කීය. 


විශේෂයෙන් ප්‍රදේශයේ පිළිගත්, යහපත් නමක් දිනාගෙන සිටින හොරකම්, මැරකම් ආදිය පිළිබඳ චෝදනා නොමැති තරුණ හා කාන්තා කණ්ඩායම් තෝරා ගැනීමට කටයුතු කරන ලෙස ආසන සංවිධායකවරුන් දැනුවත් කර තිබෙන බවද ගයන්ත කරුණාතිලක මහතා ප්‍රකාශ කළේය. අයවැය තුන්වැනිවර කියවීමේ ඡන්ද විමසීමෙන් පසු ආසන සංවිධායකවරුන් කොළඹට කැඳවා මේ පිළිබඳව වැඩිදුරටත් දැනුවත් කරන බවද ඒ මහතා කීය.