පිම්මේ ගමන් එපා


මන්ත්‍රීවරුන්ට නායකයන්ගෙන් දැනුම්දීමක්

සුජිත් හේවාජුලිගේ 

අධිවේගී මාර්ගවල ගමන් කිරීමේදී වේගය ගැන වඩාත් සැලකිලිමත් වෙන ලෙස පක්ෂ නායකයන් සිය පක්ෂවල සියලු‍ම මන්ත්‍රීවරුන්ට දැනුම්දී තිබේ. සියලු‍ පක්ෂ නායකයන් සාකච්ඡා කර මෙම දැනුම් දීම කර ඇති බව දේශපාලන ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.

නියමිත වේගසීමා ඉක්මවා රථ වාහන ධාවනය නොකරන ලෙසටද, මාර්ග නීති නිසියාකාරව පිළිපදින ලෙසටද පක්ෂ නායකයන් වැඩිදුරටත් දැනුම් දී ඇත.


කටුනායක අධිවේගී මාර්ගයේදී සිදු වූ අනතුරකින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියෙන් පසු පක්ෂ නායකයන් මෙම දැනුවත් කිරීම කර ඇත.
සනත් නිශාන්ත මහතා රැගත් මෝටර් රථය නියමිත වේගසීමා ඉක්මවා ධාවනය කර තිබූ බව පොලීසිය දැනට කරන ලද මූලික විමර්ශනවලදී තොරතුරු අනාවරණයවී ඇත.
ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු රැසක් අධිවේගී මාර්ගයන්හිදී පසුගිය කාලයේදී විවිධ අනතුරුවලට මුහුණ දුන්හ.