පැතුම් ඉටු වෙයි


1975 ලෝක කුසලාන තරගාවලියේ දී එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට යොමු වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එයින් පසු ගෙවුණු අවුරුදු 49 ක කාලයකදී තරග 912 කට සහභාගී විය. පසුගිය සිකුරාදා (09දා) පැවති 913 වැනි තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක පන්දු 139 කදී නොදැවී ලකුණු 210 ක් රැස් කරමින් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රී ලංකා පිතිකරුවෙකු රැස්කළ පළමු ද්විත්ව ශතකය වාර්තා කරන්නට සමත් විය. ශ්‍රී ලංකාවේ පැතුම් ඉටු කළ පැතුම්ට අපෙන් සුබපැතුම්.
ඡායාරූපය ‌|