පාර්ලිමේන්තුව වාර අවසන් කරයි


සුජිත් හේවාජුලිගේ

පාර්ලිමේන්තුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින්  පසුගිය සිකුරාදා (26) මධ්‍යම රාත්‍රියේ සිට වාර අවසාන කෙරිණ. මේ අනුව පාර්ලිමේන්තුව නැවතත් ජනාධිපතිවරයා අතින් උත්සවාකාරයෙන් විවෘත කෙරෙන්නේ ලබන මස 7 වැනිදාය.

පාර්ලිමේන්තුව වාර අවසාන කෙරෙන ගැසට් නිවේදනය ජනාධිපතිවරයාගේ නියෝගය පරිදි ජනාධිපති ලේකම්  සමන් ඒකනායක මහතා විසින් පෙරේදා(26) නිකුත් කරනු ලැබීය. පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමත් සමඟ කෝප් කෝපා ඇතුළු පාර්ලිමේන්තු කාරක සභාව 50කට වැඩි සංඛ්‍යාවක් අහෝසි වී ගියේය.


මේ අනුව එම කාරක සභා සියල්ල පාර්ලිමේන්තුව නැවත විවෘත කිරීමෙන් අනතුරුව යළි ස්ථාපනය කළ යුතුවෙයි. පාර්ලිමේන්තුව වාර අවසාන කෙරුණද ස්ථාවර නියෝග අනුව උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව විශේෂ කාරක සභා සහ ආංශික අධීක්ෂණ කාරක සභා පමණක්