පාර්ලිමේන්තුව අපකීර්තියට පත් කිරීම හෝ එහි විශ්වාසනීයත්වය හෑල්ලුවට ලක් කිරීම වැරදියි


ඔන්ලයින් පනත සම්මතවීම සහ බලාත්මක කිරීම පිළිබඳව පළ​ෙවන වාර්තා නිවැරදි කරමින් කතානායක මන්ත්‍රීවරුන්ට සිහිපත් කරයි

ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළුව කවර හෝ පාර්ශ්වයක් විසින් යෝජනා කරනු ලබන සංශෝධනයක්/සංශෝධන සහ/හෝ නිර්දේශ/යෝජනා පිළිගැනීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට කථානායකවරයාට වගකීමක් හෝ බලයක් නැති බවත්, එම බලය සම්පූර්ණයෙන්ම පාර්ලිමේන්තුව සතුවන බවත් කතානායක කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.  

පාර්ලිමේන්තුව අපකීර්තියට පත් කිරීම හෝ එහි විශ්වාසනීයත්වය හෑල්ලුවට ලක් කිරීම යහපත් දෙයක් නොවන බව කථානායක කාර්යාලය සියලු‍ම මන්ත්‍රීවරුන්ට සිහිපත් කරන බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි. 


2024 අංක 9 දරන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සම්මතවීම සහ ඉන් පසුව බලාත්මක කරනු ලැබීම පිළිබඳව පළවන වාර්තා පොදු යහපත පිණිස නිවැරදි කිරීම සඳහා මෙම ප්‍රකාශය නිකුත් කරනු ලබන බව එම නිවේදනයේ දැක්වේ.