පාඩු ලබන ශ්‍රීලංකන්ට උපදේශකයන් 18 ක් බඳවා ගෙන


 

දයාසීලි ලියනගේ

ගෙවීයන වර්ෂය සඳහා රුපියල් බිලියන 171 ක් පාඩු ලබා ඇති ශ්‍රීලංකන් ගුවන් සේවය සඳහා වර්ෂයකට රුපියල් කෝටි 14 ක මුදලක් වැය කර ගුවන් යානා උපදේශක කළමනාකරුවන් 18 දෙනෙක් බඳවා ගෙන ඇති බව වාර්තා වේ.

ගුවන් මගී සත්කාරක සේවා කාර්ය මණ්ඩල සේවා තත්ත්වය අධීක්ෂණය කිරීම සඳහා ගුවන් යානයක් තුළ කළමනාකරුවකු බැගින් සිටින අතර, ඊට අමතරව කාර්ය මණ්ඩල අධීක්ෂණයට මෙම උපදේශක කළමනාකරුවන් පත්කර සිටින බව වාර්තා වේ. 


මසකට රුපියල් ලක්ෂ 5කට අධික මාසික වැටුපක් ලබන මෙම උපදේශක කළමනාකරුවන් සමාගමේ බොහෝමයක් ඉහළ කළමනාකරුවන්ට අවශ්‍ය ඖෂධ හා අනෙකුත් අවශ්‍යතා ගෙනැවිත් දීමේ කටයුතුවල යෙදෙන බව ද සඳහන් වේ. 


ගුවන් සමාගමේ මගී සත්කාරක සේවා අංශය තුළ මොවුන් සේවයට යොදවා සිටින බව ද කියති.