ප්‍රහාරයට එරෙහිව ස.ජ.බ. ශේෂ්ඨාධිකරණයට


නිශාන්ත කුමාර බණ්ඩාර

සමගි ජන බලවේගයේ සාමකාමී පෙළපාළියට එල්ල කළ කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරවලට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩුවක් ගොනු කිරීමට පියවර ගන්නා බවත්, මානව හිමිකම් කොමිසම හා පොලිස් කොමිසම වෙත පැමිණිලි කිරීමට කටයුතු කරන බවත් එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ඉරිදා ලංකාදීපයට පැවසීය.

සාමකාමී පෙළපාළියට එල්ල කළ එම ප්‍රහාරය තරයේ හෙළා දකින බව ද සමගි ජන බලවේගය පවසයි. මෙම පෙළපාළිය යෑම වළක්වාලීම සඳහා අධිකරණ නියෝගයක් ලබා ගත් බව ප්‍රකාශ කළ ද එවැනි නියෝගයක් ලබා ගෙන නොතිබූ බව හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේය.


සාමකාමී පෙළපාළියක් යෑම හෝ සාමකාමී විරෝධයක් පෑම මිනිස් අයිතිවාසිකමක් බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ද සනාථ කර තිබෙන බවත් එවැනි තත්ත්වයක් හමුවේ මෙම සාමකාමී විරෝධතාවට එල්ල වූ ප්‍රහාරය පිළිබඳ නීති මගින් කටයුතු කරන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.