ප්‍රවාහන ගාස්තුව නොලැබීමෙන් ඉන්ධන ප්‍රවාහනය අඩාළයි


(දයාසීලි ලියනගේ)   

ඉන්ධන ප්‍රවාහනය කරනු ලබන බවුසරයකට කිලෝ මීටරයකට ගෙවනු ලබන ගාස්තුව රුපියල් 70 සිට 90 දක්වා වැඩි කරන ලෙසට කරන ලද ඉල්ලීම මෙතෙක් ක්‍රියාත්මක නොවීම නිසා ඉන්ධන බෙදීම මුළුමනින්ම අඩාළ වී ඇති බව වාර්තා වේ. 

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව ඉන්ධන බවුසර් 35ක් පමණක් පවතින අතර ඉතිරි ඉන්ධන බවුසර් 600ක ප්‍රමාණය පෞද්ගලික අංශය සතු වේ. ඉකුත් බ්‍රහස්පතින්දා වනවිට දින 8කට පෙට්‍රල් හා දින 15කට ඩීසල් සංස්ථාව සතුව තිබුණත් බෙදා හැරීමේ කටයුතු හරියාකාරව සිදු නොවන නිසා තවමත් ඉන්ධන පෝලිම් පවතින බව සංස්ථාවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් කීය.   


මීට අමතරව බවුසර්වලට ඉන්ධන පිරවීමේදී ප්‍රමුඛතා ක්‍රමවේදයක් ක්‍රියාත්මක නොකිරීම හා ඇතැම් සේවකයන්ට වරකට රුපියල් 8000ක මුදලක් ලබාදීමට සිදුවීමේ තත්ත්වයක් පවතින නිසා ඉන්ධන ප්‍රවාහන කටයුතු අඩාළ වී ඇති බවද සඳහන් වේ.   


ඉන්ධන ලීටර් 6600 තිබී පිරවුම්හල් හිමියන් රුපියල් 52,000ක ලාභයක් ලැබුවත් බවුසර් හිමියන්ට කිලෝ මීටරයකට රුපියල් 90ක් ගෙවීමට මෙතෙක් එකඟතාව දක්වා නැති බව වාර්තාවේ