ශ්‍රී ලංකාවේ 75 වැනි ජාතික නිදහස් දිනය යෙදුණු 4 වැනිදා උතුරු - නැගෙනහිර දෙපළාතේ පූර්ණ හර්තාලයක් ක්‍රියාත්මක කරන බව යාපනය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය නිවේදනය කර ඇත.
එදින උතුරු නැගෙනහිර දෙපළාතේ සියලු කටයුතු නවතා දැමිය යුතු බව ශිෂ්‍ය සංගමය දැනුම් දී තිබේ. එදින සියලු වෙළෙඳසැල් වසා දමා කළු කොඩි ඔසවන ලෙස මහා ශිෂ්‍ය සංගමය දැනුම් දී ඇත.

 
																	 
																	 
																	 
																	 
																	 
																	