නිදහස් උළෙලේ ප්‍රධාන ආරාධිතයා තායිලන්ත අගමැති


අංජුල මහික වීරරත්න

74 වැනි නිදහස් සමරු උළෙලේ ගෞරවනීය ආරාධිතයා ලෙස තායිලන්ත අග්‍රාමාත්‍ය ස්‍රෙතා තැවිසින්  මහතා සහභාගි වීමට නියමිතව සිටී.

තැවිසින් මහතා පෙබරවාරි තුන් වැනිදා ලංකාවට පැමිණෙන අතර ශ්‍රී ලංකා තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුම අත්සන් කිරීම ඔහු පැමිණීමේ තවත් එක් අරමුණක් වී තිබේ.


මෙවර ජාතික නිදහස් උළෙල සංස්කෘතිකාංගවලින් තොරව ත්‍රිවිධ හමුදා උත්තමාචාරවලට පමණක් සීමා කොට ගාලු‍ මුවදොර දී පැවැත්වීමට තීරණය කර ඇත.


නිදහස් දිනයට පැමිණෙන ආරාධිතයන්ට පිළිගැන්වීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විශේෂ සමරු කලාපයක් ද සම්පාදනය කරන අතර නැවත පරිශීලනය කළ හැකි සමරු කලඹක් ලෙස එය සකසන මෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් දී තිබේ.


එමෙන්ම එම සමරු කලඹෙහි ශ්‍රී ලංකා තායිලන්ත නිදහස් වෙළෙඳ  ගිවිසුම සිංහල, දෙමළ, ඉංග්‍රීසි සහ තායි භාෂාවලින් පළ කරන ලෙසත් ජනාධිපතිවරයා දැනුම් දී තිබේ.