නැවේ හානිය ගණනයේදී සංචාරක ව්‍යාපාරයට වූ හානියත් ඇතුළත් කරන්න


හෝටල් හිමියෝ කියති  

(නිශාන්ත කුමාර බණ්ඩාර)  

ගිනි ගත් නෞකාවෙන් සිදුවූ හානි පිළිබඳ ගණනය කිරීමේ දී සංචාරක ව්‍යාපාරයට සිදුවූ හානිය ද ගණනය කළ යුතු බව සංචාරක හෝටල් හිමියෝ පෙන්වා දෙති.  

මේ පිළිබඳ අවදානය යොමු නොවූව ද නෞකාව ගිනි ගැනීමත් සමග එහි තිබූ රසායනික හා ප්ලාස්ටික් ද්‍රව්‍ය ශ්‍රී ලංකාවේ වෙරළ තීරයේ ස්ථාන රැසක තැන්පත් විය.  


වෙරළ තීරයේ සුන්දරත්වය විඳින්නට එන සංචාරකයන්ට මෙය විශාල ගැටලුවක් වන අතර එය සංචාරක ව්‍යාපාරයට ද බලවත් ලෙස බලපාන බව ඔවුහු සඳහන් කරති.  


ඒ නිසා ඉදිරියේදී වෙරළ ආසන්නයේ තිබෙන සංචාරක හෝටල්වලට විදේශීය සංචාරකයන් නොපැමිණීමේ අවදානමක් ඇති බව ද ඔවුහු කියති.  


මේ නිසා සංචාරක ක්ෂේත්‍රය බරපතළ අර්බුදයකට මුහුණ දී ඇත.  


මේ නිසා නෞකාවේ වන්දි පූර්ණය කිරීමේ දී අගතියට පත් පුද්ගලයන්ට ද එම වන්දි මුදල් ලබා දීමට කටයුතු කළ යුතු බව සංචාරක හෝටල් හිමියෝ රජයෙන් ඉල්ලීමක් කරති.