නැවෙන් වන්දි ගන්න අපේ නීති ප්‍රමාණවත්


සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය   

 

(නිශාන්ත කුමාර බණ්ඩාර)   

මුහුදු බත්වූ නෞකාවෙන් මෙරට පරිසර පද්ධතිය සිදුවූ හානිය පිළිබඳ වන්දි ලබා ගැනීමට දැනට පවතින නීති ප්‍රමාණවත් බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි.   

සමාගමෙන් අපේ මුහුදු කලාපයට හා එම නෞකාවේ ඇති වූ ගින්න නිවීමට වැය වූ ප්‍රතිපාදන අය කර ගැනීමට අවශ්‍ය කටයුතු දැනටමත් සිදු කෙරෙමින් පවතින බව එම අධිකාරියේ සභාපතිනි නීතිඥ දර්ශනී ලහඳුපුර මහත්මිය ප්‍රකාශ කළාය.   


සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය වශයෙන් ඒ සඳහා අවශ්‍ය නීති ප්‍රතිපාදන තිබෙන අතර එවැනි නීති ප්‍රතිපාදන නැති බවට ඇතැම් අය කරන ප්‍රකාශ තරයේ හෙළා දකින බවද ඇය සඳහන් කළාය.   
එහෙත් මෙවැනි සිද්ධියකදී අවශ්‍ය ප්‍රතිපාදන තවදුරටත් දියුණු කළ යුතු අතර දැනට තිබෙන ප්‍රතිපාදනවලින් උපරිම ලෙස කටයුතු කර රට වෙනුවෙන් වන්දි ලබා ගැනීමට අවශ්‍ය සියලු පියවර ගන්නා බව ද ඇය පැවසුවාය.