නවක මන්ත්‍රීවරුන් ගිනි අවි ගන්න පෝලිමේ


වැඩි ආරක්ෂාව ඕනෑ මන්ත්‍රී ලැයිස්තුවකුත් එළියට

සුජිත් හේවාජුලිගේ  

මෙතෙක් ස්වෙච්ඡාවෙන් ගිනි අවි ලබා නොගෙන සිටි නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පහළොවකට ආසන්න පිරිසක් එම ගිනි අවි (පිස්තෝල) ලබා ගැනීමට අයැදුම්පත් අලුතින් යොමු කර ඇතැයි වාර්තා වේ. එම මන්ත්‍රීවරුන් අලුතින් පිස්තෝල ලබාගැනීමට මෙසේ කටයුතු කරමින් සිටින්නේ පවතින වාතාවරණය සැලකිල්ලට ගෙන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ. 

එම මන්ත්‍රීවරුන්ට ගිනි අවි ලබා ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සේවා අංශයෙන් අයැදුම්පත් දැනටමත් ලබාදී ඇත.  


එම අයැදුම්පත් අනතුරුව ආරක්ෂක අමාත්‍යාංශයට යොමු කිරීමෙන් පසු ඒ අමාත්‍යාංශයෙන් පිස්තෝල නිකුත් කෙරෙනු ඇත. මෙසේ පිස්තෝල අයදුම් කර ඇති මන්ත්‍රීවරුන් අතර පසුගිය කාලයේදී අරගලකරුවන්ගේ විශේෂ අවධානයට ලක්වූ මන්ත්‍රීවරයෙක් ද වෙයි.