නව දූෂණ විරෝධී පනත 15 දා සිට ක්‍රියාත්මකයි


චාමර සම්පත්

නව දූෂණ විරෝධී පනත මේ මස 15 වැනිදා සිට ක්‍රියාත්මක වන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.

ඒ සඳහා අවශ්‍ය ගැසට් පත්‍රය පළ කරන බවද, පවතින අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වැරදි තීරණයක් තීන්දුවක් ලබා දී හෝ  නඩු ඉල්ලා අස්කරගෙන තිබෙනවා නම් ඒ පිළිබඳව සොයා බැලීමේ පූර්ණ බලය නව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට තිබෙන බවද මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.