දේශපාලන පක්ෂයක් කෑලි තුනට කැ​ඩෙයි?


(දයාසීලි ලියනගේ)   

ප්‍රධාන පෙළේ දේශපාලන පක්ෂයක් තුන් පැත්තකට බෙදීයාමේ තත්ත්වයක් උදාවී ඇති බව වාර්තා වේ.   
පක්ෂයේ නායකයා සමග එක් පිරිසක්ද, රජය සමග එක් පිරිසක් ද විපක්ෂය සමග තවත් පිරිසක් ද එක්වීමට සූදානමක් පවතින බව සඳහන් වේ. විපක්ෂය සමග එක්වීමට සූදානමින් මේ වන විටත් දේශපාලනඥයන් පස් දෙනෙක් සාකච්ඡා කර ඇති බව වාර්තා වේ.

මෙම බෙදී යාම ඉතාම ඉක්මනින් සිදුවනු ඇතැයි ද විශ්වාස කෙරේ. මේ අතර පොහොට්ටුව සමග සම්බන්ධතා පැවැත් වූ හිටපු නියෝජ්‍ය ඇමැතිවරයෙක් සමගි ජන බල වේගයට එක්වීම සඳහා සූදානමින් සිටින බව ද දැන ගන්නට ඇත.   

 

බලවත් ලෙස කළකිරීමට පත්වී සිටින මෙම දේශපාලනඥයා සමගි ජනබලවේගයේ නායකත්වය සමග සාකච්ඡා කර ඇති බවත් වාර්තා වේ.