දෙමළ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් නැතොත් ජාත්‍යන්තරය යනවා


දෙමළ සන්ධානයේ නායක එස්. ශ්‍රීධරන්

නිශාන්ත කුමාර බණ්ඩාර

වසර ගණනාවක් පුරා විවිධ ගැටලුවලට මුහුණ දුන් උතුර - නැගෙනහිර දමිළ ජනතාවට ආණ්ඩුව විසින් විසඳුම් ලබා නොදීම කනගාටුවට කරුණක් බව දෙමළ ජාතික සන්ධානය පවසයි.

යුද්ධයෙන් අසීමිත ලෙස බැට කෑ එම දමිළ ජනතාවගේ ප්‍රශ්නවලට පැවති කිසිදු ආණ්ඩුවක් විසඳුම් නොදීම පිළිබඳ ආණ්ඩුව කෙරෙහි විශාල කලකිරීමක් ඇතැයි එම සන්ධානයේ  නායක එස්. ශ්‍රීධරන් මහතා ‘‘ඉරිදා ලංකාදීප’’යට පැවසීය.


මේ නිසා ශ්‍රී ලංකා රජය කෙරෙහි තැබූ විශ්වාසය දෙමළ ජනතාව වෙතින් බිඳී ගොස් තිබේ. 


මේ නිසා උතුර-නැගෙනහිර දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳීමට ශ්‍රී ලංකා රජය වෙත බලකරන බව ඔහු සඳහන් කළේය.
කනගාටුවෙන් වුවත් මෙම ගැටලුවලට විසඳුම් ලබාදෙන ලෙස ජාත්‍යන්තරයෙන් ඉල්ලීමක් කිරීමට සිදුවන බවද මීට පෙර අවස්ථාවන් කිහිපයක දී ජාත්‍යන්තරයේ අවධානය යොමු කිරීමට කටයුතු කර ඇති බව ද හෙතෙම පවසයි.


යළිත් වතාවක් මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස ජාත්‍යන්තරයෙන් ඉල්ලීම් කිරීමට දැනටමත් කටයුතු කරමින් සිටින බවද ශ්‍රීධරන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.