දිනකට ඉන්ධන ටොන් 2300 ක් නොලැබුණොත් විදුලිය කැපිල්ල දිගටම


(දයාසීලි ලියනගේ)  

දිනකට ඉන්ධන මෙට්‍රික් ටොන් 2300 ක් බැගින් නොලැබුණ හොත් විදුලිය කැපීම අඛණ්ඩව සිදුවන බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.

මීට අමතරව ගල් අඟුරු, සුළං හා හිරුඑළිය මගින් විදුලිය ලබා ගත්ත ද එයද ප්‍රමාණවත් නොවන බව එම ප්‍රකාශකයා සඳහන් කළේය.  


සියයට 53 ක ජල ප්‍රමාණය ක්‍රමයෙන් අඩුවන බැවින් එමගින් විදුලිය නිපදවීම ස්ථීරව කළ නොහැකි බව ද ඔහු කීය.  


අඛණ්ඩව විදුලිය සැපයීම සඳහා දිනකට ඉන්ධන මෙ.ටො. 2300 ක් ලැබිය යුතු වේ.


මේ වන විට විදුලිය නිපදවන ජලාශ්‍රවල ජල මට්ටම සියයට 53 ක් දක්වා ඉහළ නැග ඇතත් අඛණ්ඩව විදුලිය සැපයීමට එය ප්‍රමාණවත් නොවන බව මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් කීය.