දරුවෝ 9,000කටම මවුපියන් එපාවෙලා


ප්‍රධාන හේතුව ආර්ථික ප්‍රශ්න

සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ

ආර්ථික ප්‍රශ්න ඇතුළු විවිධ කරුණු කාරණා හේතුවෙන් දරුවන් මවුපියන්ට නොසැලකීම පිළිබඳ පැමිණිලි ඉහළ ගොස් ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.

මවුපියන්ට නොසැලකීම පිළිබඳ පැමිණිලි 9648ක් පසුගිය 2022 වර්ෂයේදී පොලිසියට ලැබී තිබිණ. එය සෙසු වසරවලට සාපේක්ෂව සියයට 20ක පමණ වර්ධනයක් බව පොලිස් මූලස්ථානයේ අලු‍ත්ම වාර්ෂික වාර්තාවේ සඳහන් වේ.


මවුපියන්ට නොසැලකීම පිළිබඳ පැමිණිලි 2021 වර්ෂයේදී වාර්තාවී තිබුණේ 8007කි. මේ අතර මෙම පැමිණිලි විසඳීමේ ප්‍රතිශතය ක්‍රමාණුකූලව ඉහළ ගොස් ඇත. පැමිණිලි  විසඳීමේ ප්‍රතිශතය 2022 වර්ෂයේදී  සියයට 91කි. මේ තොරතුරු සඳහන් වෙන්නේ පොලිස් මූලස්ථානයේ 2022 වාර්ෂික වාර්තාවේය.