දරුවන්ට එන්නත දෙන්න තවම අවසන් තීන්දුවක් නෑ


නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

(උපුල් වික්‍රමසිංහ) 

දරුවන්ට කොවිඩ් 19 මර්දන එන්නත ලබාදීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීන්දුවකට පැමිණ නැතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ඉරිදා ලංකාදීපයට පැවසීය. 

ඊට ප්‍රථම ඒ සම්බන්ධයෙන් සිදු කෙරෙන පර්‌යේෂණ දත්ත එක්රැස් කර ඒවා පුළුල් සමාලෝචනයකට බඳුන් කළ යුතුව ඇති බවද ඔහු අවධාරණය කළේය.

 
ලෝකයේ කිසිදු රටක් මෙතෙක් දරුවන්ට එන්නත් ලබාදීම සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීන්දුගෙන නොමැති බව කී ඒ මහතා පර්‌යේෂණ මට්ටමින් පමණක් එන්නත ලබාදෙමින් තිබෙන්නේ යැයිද සඳහන් කළේය.