දයාසිරි හැමෝම පෙරළගෙන නායකයා වෙන්න හැදුවා


 - ශ්‍රීලනිප සභාපති මෛත්‍රීපාල සිරිසේන

අජන්ත කුමාර අගලකඩ

දයාසිරි ජයසේකර මහතා පක්ෂයේ මහලේකම් ධුරයෙන් ඉවත් කිරීමට සිදුවූයේ ඔහු සියලු‍ දෙනා පෙරළාගෙන පක්ෂයේ  නායකයා වීමට ගිය නිසා යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉරිදා ලංකාදීපයට පැවසීය.

ඔහුගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ගැටලු‍ රැසක්  තිබූ බව කී සිරිසේන මහතා එම තත්වය හමුවේ ඔහු පක්ෂයේ ලේකම්වරයා ලෙස තවදුරටත් තබා ගත නොහැකි බවද සඳහන් කළේය.


ජයසේකර මහතාට  එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීමට පක්ෂය තීරණය කර ඇති බවත්, චෝදනා පත්‍රය ලබන සතියේ දී ඔහුට ලැබෙන්නට  සලස්වන  බවත්, හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.


මේ අතර, දයාසිරි ජයසේකර මහතා මහ ලේකම් ධුරයෙන් ඉවත් කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවේ අගමැතිකම ගැනීමට දැයි නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ, තමාට එවැනි බොළඳ සිහිනයක් නොමැති බවය.