තෙල් මිල කැබ්නට්ටුවේදී සාකච්ඡා කරන්න බැරිවුණාට ඇමැති පිරිසක් කනගාටුවෙන්


(දයාසීලි ලියනගේ)  

ඉන්ධන මිල වැඩි කිරීම පිළිබඳව කළකිරීමට පත්ව සිටින මැති ඇමැතිවරුන් පිරිසක් මේ තත්ත්වය පිළිබඳව පසුගිය අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සාකච්ඡා කිරීමට සූදානමින් සිටියත් එය අසාර්ථක වූ බව රජයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙක් කීය.  

ඉන්ධන මිල වැඩි කිරීමත් සමග ඇතැම් මැති ඇමැතිවරුන් සිය ගම්පළාත්වල වාහනයෙන් ගමන් කරන විට පවා ජනතාව කෑකෝ ගසමින් විරෝධය දක්වන තත්ත්වයක් පවතින බව ද ඔහු කීය.  


ඇතැම් ඇමැතිවරුන්ට ප්‍රදේශවාසීන් දුරකතනයෙන් අමතා බරපතළ ලෙස චෝදනා කරන බව ද කියති.  
පවතින තත්ත්වය පිළිබඳව රජයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් ගණනාවක් කොළඹදී රැස්වී පෞද්ගලික මට්ටමේ සාකච්ඡාවක් කර ඇතත් ඉන්ධන මිල අඩු කිරීම සම්බන්ධයෙන් කිසිදු විකල්ප විසඳුමක් ලබාගැනීමට නොහැකි වූ බව ද එම ඇමැතිවරයා ප්‍රකාශ කළේය.