තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන ඇමැතිධූරය ධම්මිකට


අජන්ත කුමාර අගලකඩ

ජනාධිපතිවරයා විසින් අලුතෙන් පිහිටුවන ලද තාක්ෂණ සහ ආ​ෙයා්ජන ප්‍රවර්ධන කටයුතු ඇමැතිධුරය ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරාට පැවරෙනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ආරක්ෂක අමාත්‍යාංශයට මෙතෙක් ඇතුළත්ව තිබූ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා ටෙලිකොම් ඇතුළු ආයතන 15ක් ඇතුළත් කරමින් ඉකුත් සිකුරාදා නව අමාත්‍යාංශය පිහිටුවිනි.   


මෙම අමාත්‍යාංශය ධම්මික පෙරේරා මහතාට පැවරෙනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. ප්‍රකට ව්‍යාපාරිකයකු වන ධම්මික පෙරේරා මහතාගේ නම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ඉකුත් සිකුරාදා මැතිවරණ කොමිසම වෙත යවන ලදී.