තනතුරු නැති මන්ත්‍රීන්ට අධීක්ෂණ මන්ත්‍රීධූර


(අජන්ත කුමාර අගලකඩ)   

ආණ්ඩු පක්ෂයේ තනතුරු නොමැති මන්ත්‍රීවරුන් සඳහා අධීක්ෂණ මන්ත්‍රීධූර ලබාදීම කෙරෙහි අවධානය යොමු වී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.  

මෙම අධීක්ෂණ මන්ත්‍රීවරුන් කැබිනට් අමාත්‍යාංශ හෝ රාජ්‍ය අමාත්‍යාංශවල අධීක්ෂණ මන්ත්‍රීවරුන් ලෙස නොව, රජය මගින් ක්‍රියාත්මක කරන ව්‍යාපෘති අධීක්ෂණය සඳහා පත් කෙරෙනු ඇතැයි එම ආරංචිමාර්ග වලින් පැවසේ.   


එම මන්ත්‍රීවරුන් නියෝජනය කරන දිස්ත්‍රික්කවලම ඔවුන් අධීක්ෂණ මන්ත්‍රීවරුන් ලෙස පත් කිරීමට යෝජනා වී ඇතැයි ද රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.   


රජය මගින් විශේෂ ව්‍යාපෘති ගණනාවක් රටපුරා මේ වනවිට ආරම්භ කර ඇති අතර, ඒවා අධීක්ෂණය සඳහා මන්ත්‍රීවරුන් පත් කිරීම වඩාත් ප්‍රායෝගික බව රජයේ අදහස වී ඇතැයි ද පැවසේ.   


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආණ්ඩුවේ තනතුරු නොමැති මන්ත්‍රීවරුන් ඉකුත්දා කණ්ඩායම් තුනක් වශයෙන් හමු වූ අතර, එහිදී ද ජනාධිපතිවරයා මෙම අධීක්ෂණ මන්ත්‍රීවරුන් පත් කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වා ඇතැයි වාර්තා වේ .   
ඒ අනුව මෙම අධීක්ෂණ මන්ත්‍රීවරුන් පත් කිරීම අද හෙටම සිදුවනු ඇතැයි ඇතැයි ද පැවසේ.