ණය කන්ද හෙළිවෙයි: ලංකාවේ සමස්ත ණය ඩොලර් මිලියන 50,438යි


ණය මුදලෙන් බාගයක්ම ගත්තේ ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳ පොළෙන්

  • විවිධ ව්‍යාපෘති අතරමග නැවතුවාට ඩොලර් මිලියන 500ක් ගෙවන්න වෙලා

(දයාසීලි ලියනගේ)  

ශ්‍රී ලංකා රජයට මේ වන විට ඇමෙරිකානු ඩොලර් මිලියන 50,438 ක විදේශ ණය ගෙවීමට සිදු වී තිබෙන බව වාර්තා වේ.  


මෙම රාජ්‍ය ණය මුදලින් සියයට 50කට වැඩි ප්‍රමාණයක් ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳ පොළෙන් ලබා ගෙන ඇති අතර එම මුදල් වාරික නිශ්චිත දිනයටම ගෙවිය යුතුව ඇත. 

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමේදී හිටපු මුදල් රාජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කළේ මෙම ණය ලබා ගෙන ඇත්තේ ජනතාවට අවශ්‍ය ආහාරපාන අඩු මිලට සැපයීමට නොව විවිධ ව්‍යාපෘති සඳහා බවයි.  


මීට අමතරව දේශපාලන තීන්දු - තීරණ මත විවිධ ව්‍යාපෘති අවලංගු කිරීමෙන් ගෙවන්නට සිදුවී ඇති ඇමෙරිකානු ඩොලර් මිලියන 500කට ආසන්න මුදලක් ද මීට අයත් වෙයි.  


යහපාලන රජය කාලයේදී විදේශ ණය ප්‍රමාණය ඇමෙරිකානු ​ඩොලර් කෝටි 5240 පැවතුණ අතර 2020 වර්ෂයේදී එම ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් කෝටි 5600 දක්වා ඉහළ ගොස් තිබුණි.  


රජය මීට අමතරව දේශීය වශයෙන් ද ණය ලබා ගෙන ඇත.