ඩිජිටල් හැඳුනුම්පත ජනවාරියේ සිට


අංජුල මහික වීරරත්න

ඩිජිටල් හැඳුනුම්පත ලබන ජනවාරියේ සිට නිකුත් කෙරෙයි.රුපියල් බිලියන හතරක ඉන්දීය ප්‍රදානයක් ලෙස නිකුත් කෙරෙන මෙම හැඳුනුම්පතට පුද්ගලයාගේ ජෛව තොරතුරු වන ඇසේ කළු ඉංඟිරියාව, ඇඟිලි සලකුණු සහ ලේ වර්ගය පිළිබඳ දත්ත ද ඇතුළත් කිරීමට නියමිතය.

මීට ඉහත ඩිජිටල් හැඳුනුම්පත ඉල්ලු‍ම් කරද්දී ජීව දත්ත තොරතුරු 76ක් ඉල්ලා තිබුණ ද, නව ඩිජිටල් හැඳුනුම්පත ලබා ගැනීම සඳහා අවශ්‍ය කරනුයේ ජීව දත්ත තොරතුරු හයක් පමණි.


ඒ අනුව අලු‍තින් ඩිජිටල් හැඳුනුම් පතක් ඉල්ලු‍ම් කරද්දී නම, ලිපිනය , උපන්දිනය, ස්ත්‍රී පුරුෂභාවය, දුරකථන අංකය මෙන්ම ඊමේල් ලිපිනයක් ද ලබාදිය යුතුව ඇත.
අලු‍තින්ම හැඳුනුම්පතට ඉල්ලු‍ම් කරන්නන් හට මෙම නව ඩිජිටල් හැඳුනුම්පත ලබාදී ඉන් පසුව ක්‍රමක්‍රමයෙන් සමස්ත ප්‍රජාවටම ඩිජිටල් හැඳුනුම් පත ලබාදීම රජයේ අරමුණ වී තිබේ.