සුජිත් හේවාජුලිගේ
ජීවන වියදමට දැඩි බලපෑමක් එල්ල කර ඇති හෙයින් සිය දරුවන්ගේ අධික ටියුෂන් ගාස්තු අඩු කිරීමට වහාම මැදිහත්වී කටයුතු කරන්නැයි මවුපිය සංවිධාන රැසක් ජනාධිපතිවරයා ගෙන් ඉල්ලීමක් කර ඇත.
බොහෝ ටියුෂන් ගුරුවරුන් දරුවන්ගෙන් අසීමිතව මුදල් අය කරන බවත් උසස් පෙළ පන්තිවල දරුවන්ගෙන් එක විෂයකට රුපියල් 4,500ක් හෝ රුපියල් 5,000ක් අය කරන ගුරුවරුන් සිටින බවත් එම සංවිධාන පෙන්වා දෙයි.
මෙම අධික ටියුෂන් ගාස්තු හේතුවෙන් කුටුම්බගත වියදම විශාල වශයෙන් වැඩිවී ඇති හෙයින් එදිනෙදා ආහාර වියදම පියවා ගැනීම ද දුෂ්කර වී ඇති බව මවුපියෝ පවසති.
ටියුෂන් ගුරුවරුන් හිතූ හිතූ ලෙස මුදල් අය කිරීම වැළැක්වීමට කිසියම් නියාමන යාන්ත්‍රණයක් නොපමාව ඇති කරන්නැයි ඔවුහු වැඩිදුරටත් ඉල්ලා සිටිති.
ඇතැම් බොහෝ ටියුෂන් ගුරුවරුන් දරුවන්ගෙන් මෙලෙස අසීමිතව මුදල් අය කරමින් සුඛෝපභෝගී ජීවිත ගත කරන බවත් බහුතරයක් රජයට බදු පවා නොගෙවන බවත් ආරංචි මාර්ග සඳහන් කරයි.
පෞද්ගලික උපකාර පන්තිවල ගාස්තු අය කිරීම් සම්බන්ධයෙන් කිසියම් නියාමනයක් ඇති කිරීමට අධ්‍යාපන හා උසස් අධ්‍යාපන හිටපු රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් මහතා කිසියම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සූදානම් වූ නමුත් ආණ්ඩුව වෙනස්වීමෙන් පසු එම වැඩපිළිවෙල ඇණහිට ඇතැයි ද ඔවුහු කියති.