ජපාන සම්මානය සම්පත්ට පිරිනැමීමේ ශ්‍රී ලංකා උළෙල


විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතාට ජපාන අධිරාජයාගේ නියමයෙන් පිරිනැමුණු සූර්ය ස්වර්ණ සම්මානය, ඔහු වෙත පිරිනැමීමේ උත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්, පන්නිපිටිය රුක්මලේ ධර්මවිජයාලෝක මහා විහාරයේදී ඊයේ (22) සවස පැවැත්වීමට නියමිතව තිබිණි.

පන්නිපිටිය රුක්මලේ ශ්‍රී ධර්මවිජයාලෝක මහා විහාරාධිපති, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති, ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක හිමියෝ මෙම අවස්ථාවට සහභාගීවීමට නියමිතව සිටියහ.  ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුඛෝෂී හිදෙයාකි, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ, ශ්‍රී ජයවර්ධනපුර විද්‍යාර්ථීන්ගේ සංගමයේ සභාපති ඩබ්ලිව්.කේ. එච්. වෑගපිටිය යන මහත්වරු ද එහිදී කෙටි දෙසුම් පැවැත්වීමට නියමිතව සිටියහ. 

 

උත්සවය සංවිධානය කරනු ලැබුවේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථීන්ගේ සංගමය විසිනි.