ජනපති රනිල්ගේ ඉන්දීය සංචාරයේදී දෙරට අතර ගිවිසුම් පහකට අත්සන්


අංජුල මහික වීරරත්න

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය නිල සංචාරය අතරතුරදී ලංකාවට සහ ඉන්දියාවට බලපාන ගිවිසුම් පහක් අත්සන් කිරීමට නියමිතය.

එම ගිවිසුම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා හමුවී කළ සාකච්ඡාවේදී තහවුරු කර ගෙන තිබේ.


මෙම ගිවිසුම් සම්බන්ධයෙන් ඉන්දීය විදේශ ලේකම් විනේ මෝහන් ක්වාත්‍රා මහතා ද සාගල රත්නායක මහතා දැනුම්වත් කර ඇත.


ඉන්දීයාව හා ශ්‍රී ලංකාව අතර තිබෙන මිත්‍රත්වය වර්ධනය කර ගනිමින් දෙරට අතර ආර්ථීක සහයෝගීතාවය වර්ධනය කර ගැනීම වෙනුවෙන් මෙම ගිවිසුම් අත්සන් කිරීමට නියමිතය.


පූනර්ජනනීය බලශක්තියට අදාළව ද, දෙරට අතර මුහුද යටින් තෙල් නළ එළීම හා විදුලිය කේබල් එලීමට අදාළව ද, ත්‍රිකුණාමලය ප්‍රදේශය ආශ්‍රිතව ආර්ථීක කලාපයක් ඇති කිරීමට අදාළව ද, ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ මිලදී ගැනීමේදී ඍජුවම ඉන්දීය රජය මගින් එය මිලදී ගැනීමට අදාළවද, කිරි නිෂ්පාදනයට අදාළව ද දෙපාර්ශවය අතර ගිවිසුම් අත්සන් කිරීමට නියමිතය.


ජනාධිපතිවරයා ඉන්දීයාවට යාමට පෙර හා ඉන්දීය සංචාරය අතරතුර මෙම ගිවිසුම් අත්සන් කරනු ඇතැයි වාර්තාවේ.