ජනපති පාර්ලිමේන්තුව වාරාවසාන කරයි


අජන්ත කුමාර අගලකඩ  

පාර්ලිමේන්තු සැසිවාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පෙරේදා මධ්‍යම රාත්‍රියේ අවසන් කරනු ලැබීය.  


එයට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කරන ලදි.

පාර්ලිමේන්තුවේ නව සැසිවාරය පෙබරවාරි මස 8 වැනිදා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ. මේ අනුව මේ වන විට පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක වන සියලු කමිටු අහෝසි වන අතර, එම කමිටු නැවත පත් කිරීමට සිදුවේ.  


ව්‍යවස්ථාදායක සභාව පමණක් අහෝසි නොවේ. පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයේ ඇති පනත් කෙටුම්පත්ද අහෝසිවන අතර ඒවා නැවත ඉදිරිපත් කිරීමට සිදුවේ. ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තු සැසිවාරය ඉකුත් අගෝස්තු මාසයේද අවසන් කරනු ලැබීය.