ජනපති ඡන්දෙට ලෑස්තියි: මැ.කො. කෝටි දාහක් වෙන් කරයි


සුජිත් හේවාජුලිගේ


ජනාධිපතිවරණය සඳහා මැතිවරණ කොමිෂන් සභාව සියලු‍ කටයුතු සූදානම් කර ඇතැයි එහි සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා ඉරිදා ලංකාදීපයට පැවසීය.

ජනාධිපතිවරණය මේ වසර අග ස්ථිර වශයෙන්ම පැවැත්විය යුතු බව ද හෙතෙම සඳහන් කළේය. ජනාධිපතිවරණය සඳහා රුපියල් කෝටි 1000 ක් දැනටමත් වෙන් කර ඇතැයි පැවසූ සභාපතිවරයා, වියදම් අනුව තවත් මුදල් පසුව ලබාගත හැකි වනු ඇතැයි ද ප්‍රකාශ කළේය.
මේ අතර ජනාධිපතිවරණය සඳහා අවශ්‍ය කෙරෙන ලිපි ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ මිලදී ගැනීමට ද කොමිසම කටයුතු කරමින් සිටී. ජනාධිපතිවරණය මුලින්ම පවත්වන බවට ජනාධිපතිවරයා ද පසුගියදා ප්‍රකාශ කළේය. කෙසේ වෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇතැම් මන්ත්‍රීවරුන් ඊට  නොකැමැත්ත පළකර ඇත.