ජනපති අනිද්දා එක්සත් ජාතීන් අමතයි


(අජන්ත කුමාර අගලකඩ)   

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 76 වැනි සමුළුව අනිද්දා (21)ඇමැතීමට නියමිතය . 

 
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය ඇමතිම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙරේදා (17) රාත්‍රියේ නිව්‌යෝර්ක් නුවර බලා පිටත්ව ගියේය. 

ජනාධිපතිවරයා සැසිවාරය ආරම්භ වන දිනයේම සමුළුව ඇමතීමට නියමිත අතර, ගෝඨාභය රාජපක්ෂ මහතා එක්සත් ජාතීන්ගේ මහ සමුළුව අමතන පළමු අවස්ථාව ද මෙය වේ.   


විදේශ කටයුතු ඇමති මහාචාර්ය ජී එල් පිරිස් ,ජනාධිපති ලේකම් ආචාර්ය පී බී ජයසුන්දර ,ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග , විදේශ කටයුතු ලේකම් මහාචාර්ය ජයනාත් කොළඹගේ යන මහත්වරු ද මෙම සංචාරයට එක්ව සිටිති. ජනාධිපති බිරිඳ අයෝමා රාජපක්ෂ මහත්මිය ද ජනාධිපතිවරයා සමග මෙම සංචාරයට එක්වී සිටින අතර, රාජපක්ෂ මහත්මිය සිය පෞද්ගලික වියදමින් මෙම සංචාරයට එක්ව ඇත.