ජනතා කැමැත්ත හොයන්න පක්ෂවලින් සමීක්ෂණ පෙළක්


සුජිත් හේවාජුලිගේ

ප්‍රධාන දේශපාලන පක්ෂ තුනක් ජනතාවගේ මතය දැන ගැනීම සඳහා විවිධ ආකාරයේ සමීක්ෂණ කරවා ගැනීමට සමීක්ෂණ ආයතනවලට රුපියල් කෝටි දාහකට වැඩි මුදලක් පසුගිය කාලයේදී  ගෙවා ඇතැයි වාර්තාවේ.


ඇතැම් සමීක්ෂණ ආයතන සිය සමීක්ෂණ වාර්තා  ඒ ඒ දේශපාලන පක්ෂවලට දැනටමත් ඉදිරිපත් කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

ඇතැම් දේශපාලන පක්ෂ නායකයන් කාලාන්තරයක් තිස්සේ සමීක්ෂණ කරවා ගන්නා ආයතන පවතින්නේ යැයි කියති. ඔවුන් නැවතත් සමීක්ෂණ කටයුතු සඳහා බාරදී ඇතැයි පැවසෙන්නේ  එම ආයතනවලටය.


සමීක්ෂණ ආයතන තුනක් සමීක්ෂණ කටයුතු මේ දිනවල කරගෙන යන බව දැනගන්නට ඇත.


ජනමතය අනුව ඉදිරි දේශපාලන කටයුතු සැලසුම් කිරීම මෙම සමීක්ෂණවල අරමුණ බව දේශපාලන පක්ෂ නියෝජිතයෝ පිරිසක් පැවසූහ. එසේම තමන්ට වාසි සහගත සමීක්ෂණ වාර්තා මැතිවරණ වේදිකාවලදී ඉදිරිපත් කර දේශපාලන වශයෙන් වාසි ලබා ගැනීමද එහි තවත් අරමුණක් බව සඳහන් වේ.