ගොයම් කපන භූතයාත් ගණන් උස්සයි


(දයාසීලි ලියනගේ)  

පොහොර මිල හා උපකරණ කුලියට ගැනීමේ මිල ඉහළයාම නිසා මෙවර යල කන්නයේ දී කුඹුරු ඉඩම් සියයට 65 ක ප්‍රමාණයක් වගා කර නැති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.


මේ වන විට යූරියා පොහොර මිටියක මිල රුපියල් 42,000ත් 48,000ත් අතර ප්‍රමාණයක පවතින අතර සීසෑමට ගන්නා ට්‍රැක්ටරයකට දිනකට රුපියල් 5000ක් කුලිය ගෙවීමට සිදුවී ඇත.

ගොයම් කැපීමට යොදා ගන්නා යන්ත්‍රයට (භූතයා) අක්කර 2 1/2ක් සඳහා රුපියල් 65,000ක් කුලිය ලෙස අය කරන බව වාර්තා වේ. කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරියෙක් මේ බව සඳහන් කරමින් ප්‍රකාශ කර සිටියේ මේ තරම් වියදමක් දරා වී ගොවිතැනින් ලාබයක් ඉපයීමට නොහැකි බව ගොවීන් ප්‍රකාශ කර ඇති බවයි.