ගෑස් පිපිරීම් ගැන සජබ පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලයි


(දයාසීලි ලියනගේ)  

ගෑස් පිපිරීමේ සිදුවීම් පිළිබඳව පාර්ලිමේන්තු විවාදයක් ලබා ගැනීමට සමගි ජනබලවේගය තීරණය කර ඇත. අය-වැය විවාදය පැවැත්වෙන අතරතුර මේ සඳහා දිනයක් ඉල්ලා සිටින බව පක්ෂයේ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා කීය.

මේ සම්බන්ධයෙන් වගකිව යුතු පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාව පිළිබඳ සොයා බලන බවද ඔහු කීය. ගෑස් සංයුතිය වෙනස් කිරීම සම්බන්ධයෙන් උපදෙස් ලබා දුන්නේ කවුරුන් විසින් ද යන්න පිළිබඳව පක්ෂයේ මට්ටමින් දැනට තොරතුරු සොයමින් සිටින බවද රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.