ගමට ගිහින් වැඩ කරන්න


ජනපතිගෙන් පොහොට්ටු මන්ත්‍රීන්ට උපදෙස්

අජන්ත කුමාර අගලකඩ

ගමට ගොස්, ගමේ යාන්ත්‍රණය ශක්තිමත් කරන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැති ඇමතිවරුන්ට උපදෙස් දී ඇත.   

ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන් සඳහා අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා විසින් සංවිධානය කරන ලද සුහද හමුවක් අරලියගහ මන්දිරයේ දී ඉකුත් දා පැවති අතර, ඊට සහභාගි වූ ජනාධිපතිවරයා, මැති ඇමැතිවරුන්ට මේ බව දැනුම් දී ඇත.   


ගම්වල පක්ෂ ශාඛා පිහිටුවා, රටේ ආර්ථික හා දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් ජනතාවට ඇත්ත කියන්නැයිද ජනාධිපතිවරයා ඔවුන්ට දැනුම් දී ඇත.