කොළඹ එක්ලක්ෂ විසිදාහකට දෙදහසේ දීමනාව දුන්නා


දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න

(නිශාන්ත කුමාර බණ්ඩාර) 

කොරෝනා වයිරසයත් සමග සංචරණ සීමා පැනවීමෙන් අනතුරුව ආදායම් අහිමිවූ ජනතාවට රුපියල් 2000 දීමනාව ලබාදීම සාර්ථකව සිදුකෙරෙන බව කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා පවසයි. 

දැනට කොළඹ දිස්ත්‍රික්කයේ පමණක් එසේ ආදායම් අහිමි වූ පුද්ගලයන් 1,28,000 (එක් ලක්ෂ විසි අටදාහකට) එම දීමනාව ලබාදී තිබේ.  තවත් පුද්ගලයන් ලක්ෂ දෙකකට පමණ එම දීමනාව ලබාදීමට නියමිත බව ඒ මහතා සඳහන් කළේය. 


නිලධාරී හිඟයක් හා ගිණුම් අංශ වසා දැමීම නිසා යම් පිරිසකට ගෙවීම් ප්‍රමාද වුවද මේ මාසය තුළ ​ෙකසේ හෝ අදාළ ගෙවීම් කරන බව කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා සඳහන් කළේය.