කොළඹ ආරක්‍ෂිත කැමරා පද්ධතිය පුළුල් කෙරේ


ඉන්දික හේවාවිතාරණ

කොළඹ නගරයේ ස්ථාපිත කර තිබෙන ආරක්ෂිත කැමරා පද්ධතිය මගින් රථවාහන වැරදි නිරීක්ෂණය කර නීතිය ක්‍රියාත්මක කිරීම ආරම්භ කර තිබෙන බවත්, මෙම ක්‍රමය තවදුරටත් ව්‍යාප්ත කිරීමට කටයුතු කරන බවත් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.


පසුගිය 28 වැනි දින දක්වා ආරක්ෂිත කැමරා පද්ධතියෙන් රථවාහන වැරදි සම්බන්ධයෙන් හඳුනාගත් රියැදුරන්ට අවවාද කිරීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කළද පළමු වැනි දින සිට රථවාහන වැරදි සිදුකරන රියැදුරන්ට දඩ පත්‍රිකා ලබා දීම සිදුකරන බවත්, එසේ නොමැති නම්  අධිකරණ ක්‍රියාවලියකට යොමු කිරිම සිදුවන බවත් එම කොට්ඨාසය පවසයි.