කෙහෙළිය දිනයි


උපුල් වික්‍රමසිංහ

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව සමගි ජන බලවේගය විසින් ගෙන එන ලද විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්ද 40 කින් පසුගිය 8 වැනිදා පාර්ලිමේන්තුවේදී පරාජයට පත් විය.

යෝජනාවට පක්ෂව ඡන්ද 73 ක් ද විපක්ෂව ඡන්ද 113 ක්ද හිමි විය. විශ්වාසභංග යෝජනාවට අදාළ ඡන්ද විමසීම දින තුනක් පුරා පැවැත්විණ.


ඡන්දය විමසන අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරැන් 38 දෙනකු සභා ගර්භයෙහි නොසිටි අතර යෝජනාවට පක්ෂව සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් වෙන්ව ස්වාධීන වූ මන්ත්‍රීවරැ ඡන්දය ප්‍රකාශ කළහ.

 
ප්‍රමිතියෙන් බාල ඖෂධ ගෙන්වීම, විවිධ ඖෂධ ගැනීමෙන් පසු කිහිප දෙනකු මිය යෑම ඇතුළු සෞඛ්‍ය පද්ධතියේ උද්ගතව තිබෙන අර්බුද මුල් කොට ගෙන විෂය භාර අමාත්‍යවරයාට එරෙහිව මෙම විශ්වාසභංග යෝජනාව ගෙන එන ලදි.