කෙට්ටු මිටි දරුවන් වැඩිවෙලා


අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් 234,000කගේ බර අඩු වෙලා

සුජිත් හේවාජුලිගේ

ප්‍රමාණවත් පෝෂණයක් නොලැබීම හේතුවෙන් මේ රටේ දරුවන් ලක්ෂ දහතුනකින් දෙලක්ෂ හැට හත් දහස් දෙසිය හතළිස්  නවයක් කෘශ බවින් (කෙට්ටු) පෙළෙන බව අලු‍ත්ම සෞඛ්‍ය වාර්තාවල සඳහන් වන්නේ යැයි අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාවේ සාමාජිකා පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝහිණී  කුමාරි විජේරත්න මහත්මිය පැවසුවාය.


අවුරුදු පහට අඩු ලක්ෂ දහඅටක දරුවන්ගෙන් දෙලක්ෂ තිස් හතර දහස් අසූ හතරක් අඩු බර සහිත බව ද ඇය කීවාය. එය ප්‍රතිශතයක් ලෙස සියයට 12.2 ක් බව ද  විජේරත්න මහත්මිය සඳහන් කළාය.

මිටි බවට පත්ව සිටින දරුවන් සංඛ්‍යාව එක් ලක්ෂ හතළිස් දහස් හාර සිය දාහතරක් බවත්, වතුකරයේ තත්වය මීට වඩා දරුණු බවත් මන්ත්‍රීවරිය සඳහන් කළාය.
දරුවන්ගේ පෝෂණ තත්වය ගැන රජය මීට වඩා අවධානය යොමු කළ යුතු බව රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.