කෘෂිකර්ම ක්ෂේත්‍රයේ පන්දාහක් ගියවසරේ වකුගඩු රෝගයට බ්ලි


(දයාසීලි ලියනගේ)   

කෘෂි කාර්මික කටයුතුවල නිරතව සිටි 5000ක පිරිසක් වකුගඩු රෝගය නිසා පසුගිය වසරේදී මිය ගොස් ඇති බව වාර්තා වේ.   


මෙරට නොතිබුණ වකුගඩු රෝගයක් නිසා මෙම පිරිස මිය​ගොස් ඇති බව කෘෂිකර්ම හා සෞඛ්‍ය අංශ කරන ලද සොයා බැලීමකදී අනාවරණය වී ඇත.   

වසවිස වලින් තොර භෝග වගාවක් සඳහා මේ රටේම කාබනික පොහොර නිපදවීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා තීරණය කර ඇත.  ගෘහස්ථව, සමුපකාර මගින් හා පෞද්ගලික අංශවලින් නිපදවන කාබනික පොහොරවලට අමතරව රජයේ මැදිහත්වීමෙන් කාබනික පොහොර නිෂ්පාදනය කිරීමටද කෘෂිකර්ම ඇමැතිවරයා තීරණය කර ඇත.   
තවද නාගරික කුණු කසළ යොදා ගෙන කාබනික පොහොර නිෂ්පාදනය කළත් ඒවා වගාවට නුසුදුසු බවද අනාවරණය වී ඇත. එම කාබනික පොහොරවල බැර ලෝහ ඉහළ මට්ටමක පැවැතීම එයට හේතුව බවද සඳහන් වේ.