කෑගල්ලේ පවුලක්ම පස් කන්දකට යටවෙයි


නාය යාමෙන්-ගංවතුරෙන් මරණ හතරයි

(අජිත්ලාල් ශාන්තඋදය සහ ලසන්ත නිරෝෂණ) 

මහවැසි සමග ඇතිවූ නාය යාම් සහ ජලගැලීම් හේතුවෙන් පුද්ගලයෝ සිව් දෙනෙක් මියගොස් හත් දෙනෙකු අතුරුදන්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.

ඊයේ (සෙනසුරාදා) පාන්දර මාවනැල්ලේ දෙවනගල ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් තරුණියක මියගොස් එම පවුලේ තවත් තිදෙනෙක් අතුරුදන් වූහ. ආරක්ෂක අංශ  කළ මෙහෙයුමකදී පස් කන්දට යටවී සිටි 23 හැවිරිදි තරුණියගේ මළ සිරුර සොයා ගෙන ඇත.


පෙරේදා (සිකුරාදා) පාන්දර රත්නපුර අයගම ඉහළපොල ගමේ නිවසක් සමග පස්කන්දක් නාය යාමෙන්ද 16 හැවිරිදි දැරියක මිය ගියාය. 


නාය යාමෙන් රත්නපුරයේ නිවාස දෙකකට හානි සිදුව ඇති අතර, පාදුක්ක-වෑවිල මාර්ගයේ ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇණහිට ඇතැයි ද එම මධ්‍යස්ථානය කියයි.
ඉතිරි දෙදෙනා මියගොස් ඇත්තේ ජල ගැලීම්වලට හසුවීමෙනි.