කැබිනට් සංශෝධනයක් ළඟදීම


පොහොට්ටුවේ පිරිසකටත් ඇමැති ධුර

සුජිත් හේවාජුලිගේ

කැබිනට් මණ්ඩලයේ සංශෝධනයක් ලබන මාසයේදී සිදුකිරීමට නියමිතව ඇතැයි රජයේ  විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් පැවසේ. ඉදිරි මැතිවරණ ඉලක්ක කර මෙම සංශෝධනය කෙරෙන බවද  දැනගන්නට ඇත.

මෙම සංශෝධනයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසකට ද  අමාත්‍ය ධුර හිමිවීමට නියමිත බව පවසන එම ආරංචි මාර්ග ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අමාත්‍ය ධුර සඳහා මන්ත්‍රී ලැයිස්තුවක්  කලකට පෙර සිට ඉදිරිපත් කර තිබුණත් ඔවුනට ඇමැති ධුර පිරිනැමීමක් මෙතෙක් සිදු නොවූ බව සඳහන් කරයි.


වෙන් වෙන්ව පිහිටා ඇති සමහර ආයතන එක වහලක් යටට ගැනීම ද මෙම වැඩපිළිවෙළේ අරමුණක් බව ඔහු සඳහන් කළේය.


ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මීළඟ වාරිකය ලැබුණු පසු ජනතාවට යම් සහනයක් ලබාදෙන අතර කැබිනට් මණ්ඩලයේ යම් සංශෝධනයක්  කිරීමට  රජය තීරණය කර ඇතැයි වාර්තා වෙයි.