කාබනික පොහොර ගේන්න පෙර පරීක්ෂණාගාරයක් හදන සැලසුම්


හානිකර කෘමි බිත්තර හා බීජ රට තුළට ආහැකියි 

(දයාසීලි ලියනගේ)   

කාබනික පොහොර මෙරටට ආනයනය කිරීමේ දී පාරිසරික බලපෑමක් ඇතිවිය හැකි බැවින් ඒ තත්ත්වය වළක්වා ගැනීමට නම් එම පොහොර රටතුළට ගැනීමට පෙර රසායනාගාර පරීක්ෂණයක් කළයුතු බව ඉකුත් සතියේ අමාත්‍ය මණ්ඩලයේදී පුළුල් ලෙස සාකච්ඡාවට භාජනය වී තිබේ.   

එම පරීක්ෂා කිරීම සඳහා අවශ්‍ය රසායනාගාර පහසුකම් නොමැති නිසා පොහොර ආනයනයට පෙර රසායනාගාර පහසුකම් සැකසීමේ අවශ්‍යතාවද මෙහිදී සාකච්ඡා කර ඇත.   


මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ රසායනික පොහොර සඳහා රසායනාගාරයක් තිබුණත් කාබනික පොහොර සම්බන්ධයෙන් රසායනාගාරයක් නොමැති බවයි.   
කාබනික පොහොර ආනයනය මගින් හානිකර කෘමි බිත්තර හා බීජ මෙරටට පැමිණීමට ඉඩ ඇති බැවින් එය තවත් බරපතළ ප්‍රශ්නයකට හේතුවිය හැකි බව විශේෂඥයන් පෙන්වා දී තිබීම පිළිබඳව කැබිනට් මණ්ඩලයේ අවධානයට ලක් වූ බවද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.