කලාකරුවන් හා වියතුන්ට ඉල්ලුම වැඩිවෙයි


සුජිත් හේවාජුලිගේ


ඉදිරියේ දී  පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ දී කලාකරුවන්ගේ සහ විද්වතුන්ගේ සහාය ලබා ගැනීමට දේශපාලන පක්ෂ  අතර ප්‍රබල සටනක් ආරම්භවී ඇතැයි වාර්තා වේ. මෙහි මූලික පියවරක් ලෙස දේශපාලන පක්ෂ නායකයන් සහ කලාකරුවන්, විද්වතුන් අතර විශේෂ රහසිගත හමු ගණනාවක් පසුගිය දිනවල පවත්වා ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

දේශපාලන නායකයන්ගේ නිවෙස්වල දී මෙම සාකච්ඡා පැවැත්වී ඇත. ඉදිරි මැතිවරණවලදී ඇතැම් දේශපාලන පක්ෂවලට සහාය දැක්වීමට  කලාකරැවන් සහ විද්වතුන් රැසක් දැනටමත් එකඟත්වය පළ කර තිබේ. ඇතැම්හු දේශපාලන වේදිකාවලට දැනටමත් ගොඩවී සිටිති.