කරවල හා හාල්මැස්සන් මිල නැගලා


(මහින්ද නිශ්ශංක)   

කරවල සහ වියළි හාල්මැස්සන් කිලෝවක මිල රුපියල් 150ත් 200ත් අතර මිලකින් ඉහළ ගොස් ඇතැයි වෙළෙන්දෝ පවසති.   


විශේෂයෙන් කරවල ආනයනය කරන රටවල පවතින හිඟය හා කරවල ආනයනය තහනම් කිරීම මිල ඉහළ යාමට ප්‍රධාන හේතුව බව කරවල ආනයනකරුවෝ සහ තොග වෙළෙන්දෝ පවසති.   

පිටකොටුව තොග වෙළෙඳපොළේ මේ වනවිට රුපියල් 300ට 400ට පැවති බලයා කරවල කිලෝවක මිල රුපියල් 500 සිට 700 දක්වා ඉහළ ගොස් ඇති බවත් ලීන්නා කරවල කිලෝවක මිල රුපියල් 250ත් 300ත් අතර සිට 500 දක්වා ඉහළ ගොස් ඇති බවත් වාර්තා වේ. මීට අමතරව රුපියල් 400ත් 500ට පැවැති ඉරාන වියළි හාල්මැස්සන් කිලෝවක මිල රුපියල් 500 සිට 580 දක්වා, තායිලන්ත හාල් මැස්සන් කිලෝවක මිල රුපියල් 600 සිට 650 දක්වාද වැඩිවී තිබෙන බව වාර්තා වේ.   


මේ අතර කරවල සිල්ලර මිලද විශාල වශයෙන් ඉහළගොස් ඇතැයි සඳහන් වේ.