කඳුකරයට ඉන්දියානු ආරක්ෂාව


මහනුවර සහකාර ඉන්දියානු මහ කොමසාරිස් වෛද්‍ය අතීරා එස්. මෙනෙවිය ඉකුත් සතියේ බදුල්ල ප්‍රදේශයට ගමන් කරමින් සිටියේ එම ප්‍රදේශයේ පාසලක සිසු සිසුවියන්ට කිසියම් ප්‍රදානයක් සිදුකිරීමටය. ඒ යන අතරතුර ඇය සංවේදී වූයේ ධාරානිපාත වර්ෂාව මැද තේ දලු නෙළමින් සිටි කාන්තාවන් පිරිසක් දැකීමෙනි .


වහාම ඔවුන් ගමන් කරමින් සිටි රථ පෙළ නවතා එම කාන්තාවන් ළඟට ගොස් ඔවුන් සියලු‍ දෙනාට වැහි කබා ලබා දීමට පියවර ගත්තේ මීට පෙර එවැනි වැහිකබා පන්සියයක් බෙදා ඉතිරිව තිබූ කොටසෙනි . ඉන් අනතුරුව ඔවුන්ගේ සැප දුක විමසා ඔවුන් සමග ඡායාරූපයක් ගැනීමට ද ඇය අමතක නොකළාය .


ෂේන් සෙනෙවිරත්න