සුජිත් හේවාජුලිගේ
කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ළඟදීම ඉදිරිපත් කිරීමට විපක්ෂයේ දේශපාලන පක්ෂ සූදානම් වෙමින් සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
විශ්වාසභංග යෝජනාවට ඇතුළත් කිරීමට ඔහුට එරෙහි චෝදනා ඒකරාශී කරගෙන යන බව විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් පැවසීය. කථානායකවරයා ලබාගෙන ඇතැයි පැවසෙන යම් යම් පහසුකම් සම්බන්ධයෙන් කොළඹදී ඉකුත් 07 වැනිදා පැවති සමගි ජන බලවේගයේ කණ්ඩායම් රැස්වීමේදී ද ඇතැම් මන්ත්‍රීවරුන් දැඩි විවේචනාත්මකව කතා කර ඇතැයි වාර්තා වේ.
කථානායකවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට විපක්ෂයේ බොහෝ දේශපාලන පක්ෂ දැනටමත් එකඟ වී ඇතැයි ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය. තමන්ට හිමි පහසුකම්වලට අමතරව වෙනත් පහසුකම් ලබාගැනීම, ධුරයේ බලය අයුතු ලෙස පරිහරණය කිරීම සහ ආණ්ඩු පක්ෂයට වැඩි පක්ෂග්‍රාහීත්වයෙන් කටයුතු කිරීම යනාදී චෝදනා පදනම් කරගෙන මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කෙරෙනු ඇතැයි දැනගන්නට ඇත.
විපක්ෂයේ නීතිඥවරුන් වන මන්ත්‍රීවරුන් දෙදෙනකු මේ සඳහා පෙරමුණ ගෙන සිටින බව වාර්තා වේ. දයාසිරි ජයසේකර, චමින්ද විජේසිරි සහ චාමර සම්පත් දසනායක ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් ගණනාවක් පසුගිය කාලයේදී මැතිසබයේදී ද කථානායකවරයා දැඩි ලෙස විවේචනය කරනු දැක ගත හැකිවිය.