කඩිනමින් කිරි, බිත්තර, මස් ගෙන්වා ගන්න දුරකතන අංක තුනක්


(නිමල කොඩිතුවක්කු) 

පවතින කොවිඩ් 19 වසංගතය හමුවේ කිරි, බිත්තර, මස් නිෂ්පාදන, වෙළෙඳපොළ වෙත කඩිනමින් යොමු කිරීමේදී ඇතිවන බාධා විසඳීම සඳහා ඍජු දුරකතන අංක තුනක් හඳුන්වා දී ඇතැයි පශු සම්පත්, ගොවිපොළ ප්‍රවර්ධන සහ කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහතා පවසයි. 

ඒ අනුව, වෛද්‍ය නිරෝෂන් ගමගේ (අතිරේක ලේකම් - පශු සම්පත්) 0772672015, වෛද්‍ය සාගරිකා සුමනසේකර (අධ්‍යක්ෂ - අභිජනන) - 0718101904 සහ වෛද්‍ය හේමාලි කොතලාවල 0718589004 යන දුරකතන අංකවලට දැනුම් දෙන ලෙස රාජ්‍ය අමාත්‍යවරයා ඉල්ලීමක් කරයි. 


අදාළ නිෂ්පාදන අලෙවි කරන ජංගම වෙළෙඳුන් හට තම ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම්, දිස්ත්‍රික් ලේකම් හා පශු වෛද්‍ය කාර්යාල හරහා ඍජුව අවසර ගත හැකි බවත් කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.